Sunday, November 24, 2013

ටයිකොන්ඩෝ කලිසම ගලවා සතර කෝළයට යාම සහ අංගම්පොර මැජික්

ලෝකයේ පවතින්නේ සත්‍ය යයි කීම සත්‍ය වුවද වර්තමානයේදී නම් අසත්‍යයම සත්‍යවීම නිසාදෝ පවතින්නේම අසත්‍ය හෝ සිංහලන්ම කිවහොත් ප්‍රෝඩාවය. ඕක තමයි පොරෝඩාව යයි ගැමියා කීවේ මේවා දකින්නට අපි උපන් කලියුගයක කරුමය යයි සිත හදා ගනිමින් වුවද තවදුරටත් එය එසේ විය යුතුද නොවේ.

අංගම් ශාස්ත්‍රය යනු මීට වසර දස දහස් ගණනකට පෙර මේ ලක් දෙරණ ඉපිද ලක්දිව ජනතාවගේ සම්මතයෙන් මන්නාරම තම අග නගරය කොට රජකම් කළ මහා සම්මත මනු රජු දක්ව ඉතිහාසයක් දැක්විය හැකි අති ශ්‍රේෂ්ට සටන් සම්ප්‍රදායකි. හෙළ නර්තනය (උඩරට හා පහතරට), මන්ත්‍ර ශාස්ත්‍රය මෙන්ම හෙළ වෙදකමද එවන්ම වූ හෙළ සටන් ශාස්ත්‍රය හා නෑකම් කියන එකම මවගේ දරුවන්ය. එවන් වූ සටන් සම්ප්‍රදායක් නියෝජනය කරනවා යයි කියන එක් එක් අය එක් එක් අයට වෙනස් ඇඳුම් පැළදුම් දරමින් එනිනෙකාටම ආවේනික වූ සටන් ඉරියව් උසුලමින් තිබීම ප්‍රබුද්ධ ජනයාට නම් උභතෝකෝටිත වීම සැක කටයුතු නොවේ. මන්ද නර්තනය ගත හොත් වෙස්නැට්ටුවා කොහේ නැටුවත් අඳින්නේ අවුල්හැරය ආදී කොටගත් පාරම්පරික ඇඳුමමය. නටන්නේ එකම කස්තිරම්ය. රිටිගල සුමේධ කියනවා සේ ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වන්නේද නැත. කාට හෝ එසේනම් උඩරට පහතරට කියා නැටුම් වර්ග දෙකක් තිබෙන්නේ යයි මුග්ධ ප්‍රශ්නයක් ඇසිය හැකිය. එය කුමක්ද යන්න නර්තන ගැන දන්නෝ දනිති. අද සිටින බණ්ඩාර, සුමේධ, කරුණාපාල වැනි අයට
එකම ප්‍රදේශයේම වුවද ඇත්තේ විවිධ ඉරියව්ය. කෙසේවුවද බණ්ඩාරට නම් ඇත්තේ අමුතුම එකකි. ඒ ගැන කතාකරන්න දැන් වේලාව පැමිණ ඇතියයි කිවහොත් නිවැරදිය. 

ඉහත පින්තූරයේ බණ්ඩරගේ අපූරු ආයුධයේ මිටද හරිම අපූරු ය. කොතරම් අපූරුද යත් මෙහි මිට සාදා තිබෙන්නේ ජපානයේ විය යුතුය. මන්ද මෙය නන්චාකු නම් ජපන් සටන් කලාවල භාවිතා වන ආයුධයේ මිටවල් දෙක ගලවා මෙයට සවිකර ඇති බැවිණි. ඒ බව වඩාත් පසක් කර ගැනීමට ඔබට මෙහි ඉහත පින්තූරයේ බණ්ඩාර තම ජොහොර බඩ  වඩා වෙලාගෙන සිටින අපූරු වේලායුධ‍යේ මිට සහ මෙහි දක්වා ඇති නන්චාකුවේ මිට සසඳා බැලීමෙන් වටහාගත හැකිය.


බණ්ඩාරගේ ඉතිහාසය හා බණ්ඩාර දන්නා ඉතිහාසය


ආරච්චිගේ වගීෂ වික්‍රමවංශ බණ්ඩාරගේ මුල් අවධිය සනිටුහන් කිරීමට Bandara to promote ‘Angampora’  නම් Daily News පුවත්පතේ පළවු ලිපිය මූලික කර ගැනීම වැදගත් වෙයි. එයට හේතුව වන්නේ බණ්ඩාර එදා ඇන්ඳේ ටයිකොන්ඩෝ ඇඳුමම වීමය. මෙම පිටුවේදී බණ්ඩර තමන්ගේ සටන් පුහුණුකරවීමේ ආයතනය හඳුන්වනුයේ ‘Viswaja Vinthera martial arts training centre‘ නොමැතිනම් විශ්වජ වින්තර සටන් කලා පුහුණු ආයතනය නමින් වුවද අද මෙම ආයතනයේ නමද වෙනස් වී ඇත්තේ ‘විශ්වජ වින්තර යොවුන් අංගම්පොර සටන් කලායතනය‘ නමිනි.  ඒ සාමාන්‍යෙයන් ඊයේ පෙරේදා අංගම්පොර වූ බොහෝ අයගේ සාමාන්‍ය ස්වාභාවයය. ජී. කරුණාපාලගේද චීනඩි උගන්වන මුල් ආයතන නම වූයේ තුසිත ආත්මාරක්ෂක සංගමය යනුවෙන් හෙළ අංගම් කලායතනය යනුවෙනි. කලායතනයේ නම් මාරුකිරීමෙන් මොවුන් බලාපොරොත්තු වන්නේ තමන්ගේ ඉතිහාසය සොදා ගැනීම හා එමගින් තමන්ගේ අංගම්පොර නමින් ඇති චීනඩි කඩයට තව තවත් අඥානයින් එකතුකොටගෙන තමන්ගේ ගොඩ වැඩිකර ගැනීම හා එමගින් ආර්ථික වාසි ලබා ගැනීමයි. මෙම ලිපියේ තවත් හාස්‍යජනක කරුණ වන්නේ තමන් සීමිත සිසුන් පිරිසකට තෝරාගෙන උගන්වන බව ප්‍රකාශකර ඉන් පසු ඡේදයේ තමන්ගේ ආයතනයේ ඒ වන විට සිසුන් 300ක් පමණ සිටින බව කීමය. සිසුන් 300ක් සීමිත පිරිසක් වන්නේ කෙසේදැයි දන්නේ බණ්ඩාරම පමණක් විය යුතුය.

කුප්පියාවත්තේ බෝධානන්ද නම් රත්නපුර ප්‍රදේශයේ හිමිනමකගෙන් චීනඩි උගත් බණ්ඩාර, තමා බෙලිගල් කෝරලයේ මරුවල්ලිය පරම්පරාවට අයත් ආරච්චිගේ වගීෂ වික්‍රමවංශ බණ්ඩාර යයි ඔහු ඉහත ලිපියට පෙර පළවූ ලපියක සඳහන් කරයි. ‘Angampora’ the local martial art needs to be revived  නමු වන එම ලිපියද හමුවන්නේ ඉහත Daily News පුවත්පතේමය. මෙම ලිපියේදී මොහුට අංගම්පොර ඉතිහාස නිශ්චිත නැත (hundred or maybe over thousand years old). එය වසර සිය ගණනක් හෝ නොමැතිනම් වසර දහස් ගණනක ඉතිහාසයක් බව ඔහු කියයි. එසේ වුවද ඊයේ පෙරේදා එනම් 2013 සැප්තැම්බර් මස තිස්වනදා ගුස්ති පුටුව නම් දිනමිණ පුවත්පතේ ලිපියකට මොහු කියා ඇත්තේ “අංගම්පොර කියන්නේ රාවණා යුගයේ සිට අපට උරුම වූ දේශීය සටන් ශිල්පයක්. එ බව අපේ පැරැන්නන් අපට ප්‍රකාශ කර තිබෙනවා. මුඛ පරම්පරාවේ මේ බව සඳහන් වෙනවා. ඉතිහාසයේ කියවෙනවා.“ යනුවෙනි. අපට පෙනී යන පරිදි නම් මොහුගේ මුඛ පරම්පරාවන එදා 2007දී නොතිබී ඊයේ පෙරේදා පහළ වී ඇති බවකි. එදා ඔහුට මතක තිබුණේ රාවණා යුගයේත් මෙම ශාස්ත්‍රය තිබූ බව පමණක් වුවද දැන් දැන් ‘අපේ පැරැන්නෝ‘, ‘අපේ මුඛ පරම්පරාව‘, ‘අපේ ඉතිහාසය‘ මතුවී ඇති බව පැහැදිලිය.

මරුවල්ලිය ?


අපි දන්නා තරමින් නම් නුවර යුග තිබුණේ සීතාවක යුගයටත් පසුවය. එනම් ඉතිහාසයේ බොහෝ මෑත යුගයේදීය. මරුවල්ලිය යනුවෙන් අද බොහෝදෙනා තෙපරබාන හතරකෝරළයේ දිසාපතිනියගේ කතාව කවුරු කවුරුත් දැන ගත්තේ ජයන්ත චන්ද්‍රසිරි මහතාගේ අකාල සන්ධ්‍යා නාට්‍ය යෙනි. අකාල සන්ධ්‍යා නාට්‍යෙයේ තිබූ කරුණු කාරණා බොහෝමයක් එච්. සී. පී. බෙල් මහතාගේ කෑගලු වාර්තාවෙන් හා සිංහල ත්‍රාසජනක ක්‍රීඩා නම් දැරණියගල මහතාගේ කෘතියෙනි. මේ ග්‍රන්ථ දෙකෙහිම මරුවල්ලිය යනුවෙන් සාවද්‍යෙලස දක්වා තිබෙන මෙම ග්‍රාම නාමය මරුවල්ලිය නොව මාරලිය බව මෑත කාලයේ ලියැවුණ අංගම්පොර ජයගත් මාරලිය නම් බන්ධුල ලියනගේ මහතාගේ කෘතියෙන් පැහැදිලිව දක්වා ඇත. ජයන්ත චන්ද්‍රසිරිට වැරදීම සාධාරණය. මන්ද සුදු ජාතිකයන් වැරදි මාරලිය යන්න Maraliya ලෙසි නොලියා Maruvalliya ලෙස ලිවීම නිසා සිදුවූ වැරැද්දකි. නමුත් වගීෂ බණ්ඩාර කියන පරිදි තමන්ගේ පරම්පරාව මරුවල්ලිය වේ. තමන්ගේ පරම්පරාවේ නම වත් නිවැරදිව නොදන්නා පුද්ගලයෙකු ගැන අප ඇසූ පළමු අවස්ථාව මෙය වීම හාස්‍ය ජනකය. එසේම අප දන්නා පරිදි ගලගොඩ දිසාවගේ යන වාසගම ගලගොඩ කුමාරිහාමිගේ පරම්පරාවේ අයට යෙදෙයි. එයට හොඳම උදාහරණය වන්ගේ ශ්‍රී වික්‍රම රාජසිංහ කාලයේ සිටි ගලගොඩ දිසාව නම් රණ ශූරයා. ආරච්චිගේ වාගීෂ වික්‍රමවංශ බණ්ඩාර යන නම එම වාසගමට අහලකින් වත් නොයෑමද සලකා බැලිය යුතුය. මෙය තවදුරටත් පැහැදිලි කරන කාරණයක් වන්නේ පහතරට ආරච්චි වාසගමක් වන ආරච්චි කෑල්ලෙන් නම් පටන් ගන්නා බණ්ඩාර උඩරට වාසගමකට උරුමකම් කිව නොහැකි වීමය.


ආරචිචිගේ වාගීෂ වික්‍රමවංශ?


2007-09-01 වන දින දරණ ඉහත ලිපියට බණ්ඩාර තමන්ගේ සම්පූර්ණ නම ලෙස දක්වා ඇත්තේ ආරච්චිගේ  වාගීෂ වික්‍රමවංශ බණ්ඩාර (Arachchillage Vageesha Wickramawansha Bandara) යනුවෙනි. පුහුල් හොරා කරෙන් දැනේ කීවේ හොරකම් කරාම අහු නොවන ලෙස හිටපන් යයි නොකියා කියමිනි. නමුත් බණ්ඩාරගේ මරුවල්ලිය පුහුල් හොරා කරෙන් දැනීමකි.  ආරච්චි වාසගම් ඇත්තෝ පහතට හොඳ මිනිස්සුය. තවත් පැහැදිලිව කිවහොත් සීතාවක යුගයේදී ආරච්චි වාසගම් ලැබූ උදවියයි. ඔවුන්ගේ වාසගම් යෙදෙනුයේ උදාහරණයක් ලෙස දැරණියගල ආරච්චිගේ අහවලා ආදී ලෙසිනි. එනම් කුමන ආරච්චි පරම්පරාවේදැයි නම දුටු සැනින් හදුනාගත හැකිය. වික්‍රම ආරච්චි, හෙට්ටි ආරච්චි, මල්ලව ආරච්චි වැනි මෙවැනි වාසගම් ඇත්තෝ අදටත් පහතරට ජීවත් වෙති. ඔවුගේ ආරච්චිකම නිකම්ම නිකන් ආරච්චිකමක් නොව නමක් ගමක් ඇති ආරච්චිකමකි.  නමුත් බණ්ඩාරගේ ආරච්චිගම කණවැන්දුම්ය. ඒකට අම්මෙක් හෝ තාත්තෙක් නැත. නිකම්ම නිකං ආරච්චිගේ වාගීෂ වික්‍රමවංශ බණ්ඩාර වී ඇත. මෙයින් පැහැදිලි වන්නේ බණ්ඩාර ද ජී. කරුණාපාලගේ පදු කුලයේම උපන් තවත් එකෙක් ලෙසය. තමන්ගේ උපන් අඩු කුලය වහ ගැනීමට බණ්ඩාරලා ආරච්චි කෑල්ලක් මුලට දාගෙන අගට බණ්ඩාර කෑල්ලක් දා ගැනීම ජුගුප්තාසහගතය. පහතරට ආරච්චි කෑල්ලත් උඩරට බණ්ඩාර කෑල්ලත් දා ගැනීමෙන් වික්‍රමවංශ බණ්ඩාරගේ අඩු ජාතිකත්වය මනාව ඔප්පුකොට ඇත. බොහෝවිට මෙම ආරච්චි කැබැල්ල බණ්ඩාර තමන් සීතාවක ආරච්චි පරම්පරාවක මෙන් පෙන්වීමට ගත් අසාර්ථක උත්සාහයකි.

ඉන්දියානු සම්භවය සහ සුරුට්ටුවාල්?


ඉහත ලිපියේ දී බණ්ඩාර කියනුයේ අංගම්පොර දකුණු ඉන්දියානු ආභාෂයකින් යුක්ත සටන් කලාවක් ලෙසිනි. (...Angampora has some influences on ancient South Indian martial arts to a certain extent.) ඒ වගේම එම ඉන්දියානු සම්භවයක් සහිත ඔහුගේ අමුතුම අංගම්පොරයේ සුරුට්ටුවාල් යනුවෙන් යමක් ඇති බවද ඔහු කියයි. මේ පිළිබඳ වැඩි විස්තර අපූරු ආයුධය පිටුවෙන් බලා ගත හැකිය.

සාරාංශය

රත්නපුරේ කුප්පියාවත්තේ බෝධානන්ද හිමියන්ගෙන් චීනඩි උගත් බණ්ඩාර උන්වහන්සේ ගැන කිසිම සඳහනක් නොකිරීම පිළිබඳව නම් අපට හැ‍‍ඟෙන්නේ ගුත්තිල කාව්‍යයේදී ගුත්තිලට මූසිල ගැන දැනුණ හැඟීමම වුවද බණ්ඩාරට නම් සීයා දැන් දැන් අංගම්පොර උගන්වා ඇත. ස්වර්ණවාහිණියේ අංගම්පොර ස්ටාර් එකක් තුළදී වගීෂ බණ්ඩාර ගජනායක නිලමේ විය. මේ අතර දැන් දැන් වෙනස වැඩසටහනට පැමිණෙන බණ්ඩාර මරුවල්ලියේ බණ්ඩාර වී ඇත. සුමේධ නම් අංගම් චෞරයා තමන් රිටිගල සුමේධ කියන විට බණ්ඩාරටද තම්න් මරුවල්ලියේ බණ්ඩාර කීම මහා රණ සම්ප්‍රධායක් ලෙස හැ‍ඟෙනවා වුවද අපට නම් දැනෙන්නේ මැද්දගාගේ සංජීව, කරාටේ ධම්මික වැනි පිස්තෝල චන්ඩින් ගැන කියනවා වැනි හැඟීමකි. වෙනස වැඩසටහනේදී තමන්ගේ සීයා මේකට අංගම්පොර කියූ බවත් තමා ඉන් එහාට හොයන්නට නොයන බවත් කියයි. බණ්ඩාරට තමා දන්නේ අංගම්පොරම බවට ඇති සාක්ෂිය සීයාගේ වාචික ප්‍රකාශයක් පමණක් බව ඇසීමද ජුගුප්තා සහගතය. එසේම වෙනස වැඩසටහනේදී බණ්ඩාර තමාට වඩා අණුවන අයෙක් තමාට අභියෝග කරොත් භාර නොගන්නා බව ප්‍රකාශ කරයි. එයින් අපට නම් තේරෙන්නේ බණ්ඩාර තමාද අණුවන බව පිළිගන්නා බවකි. 

දැන් දැන් බණ්ඩාරටද අමතක වුවද එක දිනයකදී බණ්ඩාර ටයිකොන්ඩෝ කරන කාලයේදී කොරියන් ටයිකොණ්ඩෝ මාස්ටර්ට වූෂූ පාට් දාන්න ගොස් පොල්ලක් කැඩෙනකන් ගුටිකෑම අපට නම් තවමත් මතකය. ඉන්දියානු තල්වාර් කඩුවක් අත් තබාගෙන සිටින බණ්ඩාර සහ තවත් අංගම් චෞරයන් පිරිසක් සිටීම බණ්ඩාර දන්නේ අංගම්පොර නොවන බව කදිම සාධකයකි. තල්වාර් කඩු ඉන්දියාවේ බොහෝම අඩු ගාණකට විකිණීමට තිබේ. සිංහල කඩු වර්ග 30කට වැඩි ප්‍රමාණයක් තිබියදී බණ්ඩාර මලයාලම් කඩුවක් භාවිතා කරන්නේ තමන් දන්නේ අංගම්පොර නොව මලයාලම් අභාෂයක් සහිත චීනඩි බව ලොවට කීමට යයි ඇතැමෙකුට උපකල්පනය කළ හැකිය.  බණ්ඩාර කලුගලක් මත තබාගෙන හෝ වේදිකාවක් මත පොල් බිඳීම, බඩ වටා වේලියුධය එතීම, දුහුල් සළුවක් මූණේබැඳ‍ගෙන කඩු කරකැවීම කළද අපට කම් නැත. නමුත් මේ සියල්ල තමා ඇත්තටම දන්නේ චීනඩි බව නොකියා අංගම්පොර යයි තමා අබමල් රේණුවක් වත් නොදන්නා ශාස්ත්‍රයක් දන්නා බව ප්‍රකාශ කරමින් මෙය සිදුකිරීම පමණක් අපට ගැටලුවකි. කෙසේ වෙතත් අවසාන වශයෙන් කිව යුත්තේ බණ්ඩාරටද අත්වන්නේ කරුණාපාල අංගම්පොර වන්නට ගොස් තමාගේ ගෝලයන් ටිකත් නැති කර ගත්තා වගේම දෙයක් බවය.