අපූරු ආයුධය

මෙම අපූරු ආයුධය ගැන අප පළමුවන ලිපිය ලීවේ ගිනිඅලුගේ කරුණාපාල නම් චෞරයාගේ පිටුවේය. කරුණාපාලට අනුව නම් මෙම වේලායුධය යනු සුරුට්ටුවාල් නොව අංගම්පොර වලටම ආවේනික වූ අපූරු ආයුධයකි. එව්ගේම රාජා වික්‍රමආරච්චි නම් අංගම් චෞරයාද මෙවැනිම වේලායුධයක් ගැන කියයි. ඔහුට අනුව “මේ වේලායුධය කියන ආයුධය බෙහොම දරුණ එකක්. එයින් වැඩි පිරිසකට මාරාන්තිකව පහර එල්ල කරන්න පුළුවන්. දෙපැත්තම කැපෙන තියුණු වානේ පටි කිහිපයක් මිටකට සවිකර තනා ඇති මෙම ආයුධය හසුරුවන්න හොඳ පුහුණුවක් තිබිය යුතුමයි.“ රාජා වික්‍රමආරච්චිගේ මෙම ලිපියේදී ද අප විසින් මලයාලම් හා චීනඩි සෙල්ලම් වල එන ඉන්දියානු සුරුට්ටුවාල් හා මොවුන් අද වේලායුධය යනු එකක්ම බව අප ඔප්පු කොට හමාරය. කෙසේනමුත් මෙහි වම් පස ඇති පින්තූරයට අනුව නම් බණ්ඩාරගේ වේලායුධය සහ සුරුට්ටුවාල් යනු ද දෙකක් නොව එකකි. බල්ලා මල්ලෙන් දෙවැනි වරටත් එලියට පැන්නා කියන්නේ මෙයට විය යුතුය. කවුරු කවුරුත් කරන්නේ චීනඩි නම් ශාස්ත්‍රය අංගම්පොර වලට නම මාරුකරගෙන බවට බණ්ඩාර විසින්ද තවත් වරක් මෙයින් ඔප්පු කොට හමාරය.

මුරුගන් දෙවියන්ගේ වේල් නොහොත් වේලායුධය

මෙය කලින් කරුණාපාලගේ ලිපියේදී පැහැදිලි කළද නැවත නැවතත් පැහැදිලි කිරීම අමනෝඥ නොවේ යයි සිතමු. අප දන්නා තරමින් නම් වේලායුදය ඇත්තේ කතරගම දෙවියන් ටය. කතරගම දෙවියන් සතුව පවතින එම ආයුධය හඳුන්වන්නේ වේලායුධය ලෙසටයි. දකුණු ඉන්දියානුවන් නොමැතිනම් ද්‍රවිඩයන් කතරගම දෙවියන්ට කියන තවත් නමක් වන්නේ වේලන් යන්නයි. ඒ අනුව වේලන්ගේ ආයුධය 'වේලායුධය' ලෙස අර්ථකථනය එයි. ජනතාවගේ විඥානයට මේ කරන විනාශය කෙතරම් ශෝචනීය ද? බෝකොළයේ හැඩයෙන් යුත් හෙල්ල විශේෂයක් වන මෙම වේලායුධය යන්න අතර ඉන්දියානු සුරුට්ටුවාල්වලට මාරු කිරීමට මෙම අංගම් චෞරයන් සමත් වී ඇත. මෙම ආයුධය පිළිබඳව 2011-03 වන මාස නව ඉරිදා පුවත්පතේ පළවූ ලිපියකින් ද අනාවරණය වේ. එහි සඳහන් කරනුයේ "... ඔහු දේවයන්ගෙන් ලක්‍ෂයක් පිරිස තෝරාගෙන නිලධාරීන් අට දෙනෙකු යටතේ යුධ සේනාවක් සංවිධානය කොට ඔවුන් ‛වේලායුධ ’ වලින් සන්නද්ධ කළේය. (වේලායුධය යනු ගිනි දළුවක හැඩයකින් යුතු තලයකින් සමන්විත හෙල්ලයකි. එය ස්කන්ධගේ පූජනීය සංකේතය බවට පත්ව ඇත.)..." යනුවෙනි. 

චුරුට්ටුවාල් නොහොත් සුරුට්ටුවාල්හි ද්‍රවිඩ අර්ථකථනය

ද්‍රවිඩ හා හින්දු චිත්‍රපටවල භාවිතා වන මෙම චුරුට්ටුවාල් නැමති ආයුධය බණ්ඩාරට වඩා හොඳින් ෂාරුක් ඛාන් විසින් අශෝක් චිත්‍රපටයේදී හසුරුවන අයුරු අප දැක තිබුණි. අදටත් අශෝක් චිත්‍රපටය බැලූ යමෙකුට එය අමතක විය නොහැකිය. නමුත් එම සුරුට්ටුවාල් ලංකාවට විත් ඔවුන් විසින් මුරුගන් ලෙස අදහස කතරගම දෙවියන්ගේ වේලායුධයේ නම හොරකම් කර ගත්තා යයි ඔවුන්ට හැඟුණු දිනෙක ඔවුන්ට කුමක් සිතේද? 


ඉන්දියානුවන් අපූරු ආයුධයට දෙන අර්ථකථනය පහත පරිදිය.

 
"The sword is a flexible band of steel three-quarters to one inch in width, and long enough to reach from the fingertip of one hand to the finger tip of the other hand when the hands are held outstretched (usually about four or five and a half feet). It has a small handle with a cover. Often there are multiple belts on a single handle, which makes it more dangerous to the opponents and wielders alike. In modern times it is often made from used band-saw blades and packing bands"

වැඩි විස්තර සඳහා-
http://pokerala.blogspot.com/2011/04/urumi-malayalam-free-watch-onlne-and.html


ඇයි මෙහෙම වුණේ?

සුරුට්ටුවාල් නම් ආයුධය වේලායුධය වූයේ කෙසේදැයි මෙම ලිපිය කියවන කාට කාටත් සිතෙනු ඇත. ඇත්තටම කතාව හරිම බොළඳය. සිරි කොතලාවල නම් පුද්ගලයා විසින් එදා ක්‍රීඩා අමාත්‍යාංශයේදී අංගම්පොර සංසදයක් පිහිටුවා අංගම්පොර ශිල්පීන්ට එම සංසදයේ ලියාපදිංචි වන ලෙස පත්තරවලින් ඉල්ලා සිටින ලද නමුත් කිසිවෙක් ඉදිරිපත් වූයේ නැත. සංසදයට කවුරුත් නැති තැන සිරි කොතලාවල කළේ කරුණාපාල නම් චීනඩි පන්ති කරමින් නුගේගොඩ ප්‍රදේශයේ සිටි ප්‍රසිද්ධ චීනඩිකාරයෙකු අංගම්පොර ශිල්පියෙකු ලෙස සංසදයට ගෙන්වා ගැනීමයි. මේ සමඟම බණ්ඩාර, රාජා වික්‍රමාරච්චි, ග්‍රේෂන් ප්‍රනාන්දු වැනි චීනඩි කාරයින් කිහිප දෙනෙක්ම අංගම්පොරවලට මාරුවී මෙම සංසදයට පැමිණියේය. එහිදී ඔවුන් සියලුදෙනා දන්නා ශිල්ප ක්‍රම අතර මෙම සුරුට්ටුවාල්ද ප්‍රමුඛ ආයුධයක් විය. නමුත් ටිකක් වෙන්න මොළය ඇති සිරි කොතලාවලට වැටහුණේ මෙම සුරුට්ටුවාල් නමැති වචනය ද්‍රවිඩ වඩනයක් නිසා මෙය අංගම්පොරවල තිබෙන ආයුධයක් ලෙස සමාජයට ඉදිරිපත් කළහොත් ගැටලුවක් වන බවයි. එනිසාම එමම සංසදයේ සාමාජිකයන්ගේ කැමැත්තේන් මෙයට වේලායුධය ලෙස යොදා ගත්තේ වේලායුධය යනු කතරගම දෙවියන්ගේ ආයුධය බවට නොදන්නා නිසාමය. මෙසේ වේලායුධය වූ සුරුට්ටුවාල් අද මේ අංගම්පොර නමින් පෙනී සිටින චීනඩි කාරයන්ගේ ප්‍රමුඛ ආයුධයක් බවට පත්ව තිබේ.

කවුරු කවුරුත් මොන මොනවා හෝ කොට කීයක් කීයක් හෝ සොයා ගත්තාට කමක් නැත. නමුත් අංගම්පොර වැනි ශ්‍රේෂ්ට සිංහල සටන් සම්ප්‍රදායට මේ ආකාරයට  අවමන් කිරීම සිංහලයන් ලෙස කාට නම් අනුමත කළ හැකිද? සිංහලයන් යනු ඉතිහාසයේ සිටම ද්‍රවිඩයන් පර ජාතියක් ලෙස සැලකූ ජාතියකි. එසේම ද්‍රවිඩයන් යනුද එදා දුටුගැමුණු කල සිටම මේ රටෙන් කෑල්ලක් කඩාගෙන රජ වීමට උත්සාහ දරණ සිංහල ජාතියේ පරම හතුරන්ය. එවන්වූ පර ජාතියක ආයුධයක් අංගම්පොර ආයුධයක් ලෙස මෙසේ හඳුන්වා දෙමින් ජන විඥානය දුර්වල කරන බණ්ඩාර වැනි මෙම අංගම් චෞරයන් පර සක්වල ගැසිය යුතු යයි යෝජනා කිරීම පාපිෂ්ඨ නොවේ.