මගඩි සෙල්ලං

කරුණාපාලට තිබුණේ මගඩි නැටුම් වුවද බණ්ඩාර නම් තිබෙන්නේ මගඩි සෙල්ලම්ය. ඒවා බොහෝවිට කාගෙන් හෝ පිටපත් කරගත් ඒවා වන අතර කවුරුන්හෝ සටන් ශාස්ත්‍රීය සංදර්ශනයක නිර්වස්ත්‍රව උඩපනිනවා දුටුවහොත් බණ්ඩාර ඊළඟ දිනයේ තඩි බඩ හොල්ලමින් නිර්වස්ත්‍රව උඩපනිනු නොඅනුමානය.  ඒ තරමටම අනුන් පිටපත් කිරීමේ කලාව බණ්ඩාර දැන සිටියි. අජන්ත අංගම්පොර සංදර්ශනවල පොල් ලෙලි ගැසීම ගෝලයන් ලවා කරනු බලා සිටි බණ්ඩාර ගෝලයෙකු ලවා පොල්ලෙලි ගැස්සවීය. එයින් නොනැවතුන බණ්ඩාර තමන්ද පොල් ලෙසි ගැසීමට පුරුදු විය. එයටද ඔහුට ලෙහෙසි ක්‍රමයක් හමුවිය. ඒ වියලි පොල් ගෙඩියක් ලෙලි ගැසීමයි. මන්ද අමු පොල් ගෙඩිය මෙන් නොව වියලි පොල් ගෙඩිය ලෙලි ගැසීම පහසු වන බැවිනි. නමුත් මේ කවුරුත් නොදන්නා කාරණයක් වන්නේ පොල් ලෙලි ගැසීම අංගම්පොරවලට පමණක් අදාල පුහුණු ක්‍රමවේදයක් නොවන බවයි. ඉතිහාසයේ අවුරුදු උත්සවයටත් පොල් ලෙලි ගැසීම තරඟයක් ලෙස සිදු කළේය.

ඒ පමණක් නොව රිටිගල සුමේධ විසින් තමන්ගේ ගෝලයන්ට රිටිගල ජයසේන නම් යක්ෂයා ආරූඩ වන බව නිදහස් රූපවාහිනී නාලිකාවේ වෙනස නම් වැඩසටහනේ පෙන්වූ ප්‍රෝඩාව බණ්ඩාර ඊළඟට පිටපත් කළේය. දැන් දැන් සුමේධ ආරූඪ නොවුවද සෑම සන්දර්ශනයක වාගේම බණ්ඩාර බඩ හොල්ලමින් ආරූඩ වී පිස්සෙකු මෙන් දඟලනු කාට කාටත් දැක ගත හැකිය. ඒ විතරක් නොව දැන් දැන් බණ්ඩාරට ආරූඪ වී ඇස් බැඳගෙන කඩු සෙල්ලං ද කළ හැකිය. එයටද ඔහු කදිම උපක්‍රමයක් සොයාගෙන තිබේ. එනම් දුහුල් රෙද්දක් ඇස් බැඳීම සඳහා භාවිතා කිරීම හා එක් පොටක් පමණක් භාවිතයයි. එහිදී ද මුග්ධ ජනයා මුලා කිරීමට ඇස් දෙක පියවා වැලි පියවූ ඇස් පිළි උඩට දමා ඉන්පසුව ඉහත තනි පට දුහුලු රෙද්දෙන් ඇස් බැඳ ගනී. ඉන් පසුව කඩු හරඹ ඇස් බැඳගෙන කරයි. බණ්ඩාරට යම් අද්භූත ශක්තියක් නොමැති නම් මෙය කෙසේ කරන්නේ දැයි යමෙකුට ප්‍රශ්න කළ හැකිය.

අප විසින් මෙය කියවන ඔබට සරළ පරීක්ෂණයක් කර බලන ලෙස දන්වමු. ඔබ ඔබගේ හිස උඩට හරවා ඇසි පියාගෙන යම් කුඩු වර්ගයක් හෝ වැලි (ඇසට විෂ නොවන) පියාගත් ඇස්පිලි මතට දමා දුහුල් රෙද්දක තනි පටකින් ඇස්දෙක වැසෙන සේ ඔළුව වටේ බැඳ ගන්න. දැන් හිස කෙලින් අතර හරවන්න. ඔබගේ ඇස් උඩ තිබෙන ද්‍රව්‍ය පහලට වැටී ඇස්වලට යටින් පිරෙනු ඇත. එයට හේතුව වන්නේ ඇස් තිබෙන්නේ නලලේ මතුපිටට වඩා ගැඹුරින් වීමයි. දැන් ඔබට ඇස් ඇරිය හැකිය. දුහුල් රෙද්දක් නිසා ඉදිරිය දැකීම ද කළ හැකිය. මෙයම කළ හැකි තවත් ක්‍රමයක් වන්නේ මෙම වැලි මදක් තෙත් කර ගැනීමයි. එවිට වැලි තට්ටුව ඇස් අරින විට ඇහි පිල්ල සමග උඩට යන නිසාත් තෙත නිසා එකට බද්ධ වී ඇති වැලි ඇසට නොවැටෙන නිසාත් ඉදිරිය දැකිය හැකිය. බණ්ඩාර විසින් වැඩිමනක්ම භාවිතා කරන්නේ මෙයින් දෙවන ක්‍රමයයි. මදක් තෙත වැලි වැනි යමක් ඇහි පිල්ලන් උඩ තබා දුහුල් රෙද්දකින් ඇස් බැඳගෙන පසුව රෙද්ද ඇතුළින් ඉහත ආකාරයට බලමින් කඩු සෙල්ලම් දැක්වීම බලා ඉන්න අයට මැජික් ය. කෙසේ වුවද කඩුවට අත තබන අයුරින්ම බණ්ඩාරට කඩුවක ඉලක්කය හුරු නොමැති බව අංගම්පොර දන්නා අයෙකු නොව මාළු කපන මිනිසෙකුට වුවද පැහැදිලිව පෙනී යයි.

බැලූ බැල්මට කාට කාටත් මේ සියල්ල හරිම විජ්ජාවක් සේ පෙනුනද පළමුව කිව යුත්තේ අංගම්පොර තුළ මැජික් නොමැති බවයි. ඇස් බැඳගෙන සෙල්ලම් කිරීම අංගම් ශාස්ත්‍රය තුළ තිබෙන නිර්නායකයක් වුවද එය මැජික් එකක් නොවේ. ඒ ශරීරයට ලැබෙන ශබ්ද තරංග ග්‍රහනය කර ගැනීමේ කුණ්ඩලීනී ශක්තියකි. එය ලබා ගැනීමට කුණ්ඩලීනී අභ්‍යාස යම් මට්ටමකට ප්‍රගුණ කර තිබිය යුතුය. එහිදී ඇස් බැඳ ගනු ලබනුයේ දුහුල් රෙද්දකින් නොව අට පොටකට වඩා රෙදි යෙදූ තම ජටාවෙනි. එසේ සෙල්ලම් කරන්නේද බොහෝ විට ඝණ අඳුරේය. එය රාත්‍රී කාලයේ සටන් කිරීමේ හැකියාව වර්ධනය කිරීමකි.

කඩුව නැමීම

1 comment:

  1. ඔය කඩුව නැමීම කියන එක ගැනත් හොඳ විස්තරයක් දාන්නකෝ ! අපිත් ආසයි ඒ විජ්ජාවෙ ඇත්ත නැත්ත දැනගන්න.

    ReplyDelete