බණ්ඩාර වැනි අංගම්පොර කරුවන් නිවැරදි අංගම්පොර ශිල්පීන්ද යන්න ඔප්පු කරවීමේදී ප්‍රධාන සාධකයක් වන්නේ ඔවුන්ගේ ඇඳුම් ආයිත්තම්ය. අංගම් ශාස්ත්‍රය යනු දේශීය සටන් කලාවක් වන අතර එය වසර දස දහස් ගණනක ඉතිහාසයට දිවයයි. එම ඉතිහාසය පුරාවටම අංගම් ශාස්ත්‍රය යම්යම් අවස්ථාවල දියුණු තියුණ කරන්නනට අප හෙළයා නොගත් උත්සාහයක් නැත. අතිශය දියුණු තාක්ෂණික ක්‍රමවේදයන් භාවිතා වන මෙම සටන් ශාස්ත්‍රයට නිශ්චිත ඇඳුම් ආයිත්තම් සම්ප්‍රදායක් නොමැතිවා යයි කාට හෝ තර්ක කළ නොහැකිය. සටන් ශාස්ත්‍රය තුළ ආධුනිකයාගේ සිට අංගම් මුහන්දිරම් දක්වාද සටන් භූමියේදී සාමාන්‍ය හේවාකාරයාගේ සිට මොහොට්ටාලවරු හෝ ආරච්චිවරු දක්වා යුධ ඇඳුම් සම්බප්‍රදායක්ද අප සතුව පැවතිණ. ඒවායින් යුධ භූමියට අදාල ඇඳුම් ආයිත්තම් අද භාවිතා නොවුවද සටන් ශාස්ත්‍රය පුහුණු වීම් කරන හා සටන් ශාස්ත්‍රය සම්බන්ධ උත්සව අවස්ථාවලදී භාවිතා කරන සිංහල දිය කච්චිය වැනි ඇඳුම් ආයිත්තම් අදටත් නිවැරදි සටන් ශාස්ත්‍රය තුළ භාවිතා වෙයි.

අද බණ්ඩාරගේ පින්තූරයක් දකින අයෙකුට ඉහත පින්තූරයේ සිටින්නේ බණ්ඩාරමදැයි පොඩි සැකයක් එනු නොඅනුමානය. නමුත් එය පැහැදිලි කර ගැනීමට අවශ්‍ය නම් ‘Angampora’ the local martial art needs to be revived නම් වන පුවත් පත් ලිපිය බැලීම යෝජනා කරමු. මේ බණ්ඩාරගේ මුල්ම කාලයයි. ඔහු එදා අංගම්පොරවල ඡටාවක් බඳින බව පමණක් දැන සිටි පව පෙනේ. එම නිසාමදෝ තමන් උගත් ටයිකොන්ඩෝ සටන් ශිල්පයේ ඇඳුමම පාට ටිකක් වෙසන් කොට එම පාටින්ම රෙද්දක් ඔළුවේ බැඳ ගැනීම සිදු කලේය.

ඇති බව මොනවට පැහැදිලි වෙයි. අශෝක් චිත්‍රපටයේදී ෂාරුක් ඛාන් විසින් අඳින ලද මෙම පින්තූරයේ දැක්වෙන ඇඳුම හා බණ්ඩාර ඉහත පින්තූරයේ දකුණුපස කොටසේ සුරුට්ටුවාලුව රැගෙන යන රූප රාමුව දෙස මනාව බැලීමෙන් අප මේ කීමට උත්සාහ කරන කාරණය පොඩි එකෙකුට වුවද පැහැදිලි වනු ඇත. මන්ද කරුණාපාලට ඇඳුම් මසා ගැනීමටද මුල් කාලයේ පිටිවහලක් වූයේ ෂාරුක් ඛාන්ය. ඒ මේ ඛාන් මුසල්මානුවෙක් වීම නිසා විය යුතුය. තවමත් 100%ක් විනාශ නොවූ මහා පෞඩ සංස්කෘතියකට උරුමකම් කියන සිංහලයන්ගේ සටන් කලාවට ඉන්දියාවෙන් ඇඳුම් මසා ගැනීමට පුරුදු පුහුණු වූවා යයි සැලකෙන්නේ නම් එය ජාතියේ අවසානවක්ම විය යුතුය.

ඊයේ පෙරේදා බණ්ඩාරට තවත් ආකාරයට ඝන දෙවි නුවණක් පහළ වූයේ කරුණාපාලගේ ඇඳුම් විකාශනය ගැන අප කළ හෙළිදරව්වට පසුවය.
තමාට වැරදී ඇති බව තේරුම් ගත් බණ්ඩාර අප එහි දැක්වූ තොරතුරු ගොණුකරගෙන පැරණි කච්චියට සමානව යයි ඔහුට හිතෙන අඹුඩයක් වැනි යමක් මසා ගෙන එය ගෝලයන්ට අන්දවා බැලුවේය. කච්චිය දැක ඇති අපට නම් එය පිච්චියක්වත් වටින්නේ නැති වුවද බණ්ඩාරගේ ගෝලයන් නම් සිතා සිටින්නේ තමන් රාජසිංහගේ ගෝලයන් කියා විය යුතුය.
බණ්ඩාර කියනා පරිදි බණ්ඩාර මරුවල්ලියේ පාරම්පරික සටන් කරුවෙකි. බණ්ඩාරගේ බඩ දැකීමෙන්ම එය එසේ නොවේ යයි ප්‍රඥා ගෝචරව බලන කෙනෙකුට පෙනී ගියද ඉහත ආකාරයට කාලයෙන් කාලයට ඇඳුම් මාරු කිරීමට යාම එයට තවත් ප්‍රභල සාධකයක් වනවා නියතය. තමන් පාරම්පරික නම් පාරම්පරික ඇඳුම ඇඳීමට මෙපමණ කාලයක් ගතවූයේ ඇයිද යන්න ගැටලුවකි. සත්‍ය කුමක්දැයි තවදුරටත් මොළය තිබෙන අයෙකුට ඇන ඇන කිව යුතු නැත. මේ කරනුයේ බණ්ඩාර තමා නොදන්නා අංගම්පොරයක් තමා දන්නා බව හැඟවීමට තවදුරටත් උත්සාහ කිරීමක් පමණි.
සාරාංශය
බණ්ඩාර කියනා පරිදි බණ්ඩාර මරුවල්ලියේ පාරම්පරික සටන් කරුවෙකි. බණ්ඩාරගේ බඩ දැකීමෙන්ම එය එසේ නොවේ යයි ප්‍රඥා ගෝචරව බලන කෙනෙකුට පෙනී ගියද ඉහත ආකාරයට කාලයෙන් කාලයට ඇඳුම් මාරු කිරීමට යාම එයට තවත් ප්‍රභල සාධකයක් වනවා නියතය. තමන් පාරම්පරික නම් පාරම්පරික ඇඳුම ඇඳීමට මෙපමණ කාලයක් ගතවූයේ ඇයිද යන්න ගැටලුවකි. සත්‍ය කුමක්දැයි තවදුරටත් මොළය තිබෙන අයෙකුට ඇන ඇන කිව යුතු නැත. මේ කරනුයේ බණ්ඩාර තමා නොදන්නා අංගම්පොරයක් තමා දන්නා බව හැඟවීමට තවදුරටත් උත්සාහ කිරීමක් පමණි.